ජයලලිතා 5 වන වතාවටත් තමිල්නාඩු මහඇමතිනිය වෙයි

Saturday, 23 May 2015 - 13:46

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+5+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරිය ලෙස අද 5 වන වතාවටත් දිවුරුම් දුන්නා. මදුරාසි විශ්වවිද්‍යාලයේ අද උදෑසන පැවැති උත්සවයකදී ඇය අමාත්‍යවරුන් 28 දෙනෙකු සමඟ නව මහඇමතිනිය ලෙස දිවුරුම් දී තිබෙනවා. දූෂණ චෝදනා මත අධිකරණයෙන් සිර දඩුවම් නියම වීමත් සමඟ තනතුර අහිමි වූ ජයලලිතා නැවතත් එම ධුරයට පත්වූයේ මාස 8ක විරාමයකින් අනතුරුවයි. චෙන්නායි නගරය අද ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඞී.එම්.කේ පක්ෂයේ ධජයේ වර්ණයෙන් සරසා තිබූ අතර, ජයලලිතාගේ දැවැන්ත කටවුඞ් නගරයේ තැන් තැන්වල ප්‍රදර්ශනය කර තිබූ බව සඳහන්. ජයලලිතාට දඩුවම් නියම වූ මොහොතේ තමිල්නාඩු මහඇමති ධුරයට පත්වූ  ඕ. පන්නීර්සෙල්වම්ට නව ප්‍රාන්ත රජයේ මුදල් අමාත්‍ය ධුරය හිමි වනු ඇති. ජයලලිතා නැවතත් තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීම සමරමින් චෙන්නායි වෙරළ තීරයේ අද රැය පහන්වන තුරා වෙරළ සාදයක් ද සංවිධාන කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories