Update: දේශසීමා මුදා ගැනීමේ මෙහෙයුම්

Saturday, 23 May 2015 - 16:18

Update%3A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
අයි.එස් කැරලිකරුවන්ගේ ග්‍රහනයේ පවතින ඉරාකයේ - රමාඩි නගරයේ බලය යළි අත්පත් කර ගැනීමට ඉරාක හමුදා සටන් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.  40,000කට අධික සිවිල් වැසියන් මේ වනවිටත් එහි සිරවී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිරියා - ඉරාක දේශසීමාවේ පිහිටි අවසන් හුවමාරු මධ්‍යස්ථානයත් ඊයේ අයි.එස් සටන්කාමීන් අතට පත්වූ අතර සිරියාවේ භූමියෙන් හරි අඩක් සටන්කාමීන්ගේ පාලනය යටත්ව තිබීම ද විශේෂත්වයක්. ඒ අනුවයි ඉරාක හමුදා රමාඩි නගරය සහ දේශසීමා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ.

රමාඩි 40,000 ක් සිරවෙයි
අයි.එස් කැරලිකරුවන්ගේ ග්‍රහනයේ පවතින ඉරාකයේ - රමාඩි නගරයේ 40,000 කට අධික සිවිල් වැසියන් සිරවී සිටින බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා. ගැටුම්වලට මැදිවී කුඩා දරුවන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. සිරියා - ඉරාක දේශසීමාවේ පිහිටි අවසන් හුවමාරු මධ්‍යස්ථානයත් ඊයේ (22) අයි.එස් සටන්කාමීන් අතට පත්වුණා. එය ගැටුමට මැදිවී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම්වලට මතුකර ඇත්තේ දැඩි බාධාවක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories