වැල්ලම්පිටිය - මීතොටමුල්ල කුණුකන්ද ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (24) පස්වරුවේ දියත් කළ විරෝධතාවය අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. අප වාර්තාකරු සදහන් කළේ ඔවුන් කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා විරෝධතාවයේ නිරත වූ බවයි. මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා. කෙසේ වෙතත්, එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමඟ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. එහිදී පිරිස විසුරුවා හැරීම සඳහා ජල කදම්බ ප්‍රහාරයක් ද එල්ල කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
Follow US
Most Viewed Stories