මීතොටමුල්ල කුණු එපා කියා සටන් කළ ජනතාවට ජල ප්‍රහාර

Sunday, 24 May 2015 - 17:19

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
වැල්ලම්පිටිය - මීතොටමුල්ල කුණුකන්ද ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (24) පස්වරුවේ දියත් කළ විරෝධතාවය අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා. අප වාර්තාකරු සදහන් කළේ ඔවුන් කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා විරෝධතාවයේ නිරත වූ බවයි. මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා. කෙසේ වෙතත්, එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමඟ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. එහිදී පිරිස විසුරුවා හැරීම සඳහා ජල කදම්බ ප්‍රහාරයක් ද එල්ල කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories