යාපනයට පරීක්ෂණ කණ්ඩායම් 3ක්

Sunday, 24 May 2015 - 18:46

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A
යාපනයේ පසුගිය දා සිදුවූ සිසුවියගේ ඝාතනය සහ ඉන් අනතුරුව හට ගත් කලහකාරී තත්ත්වය පිළිබදව සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසුවියගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන අතර, කොළඹ අපරාධ කොට්ඨාශය කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. එමෙන්ම සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට යාපනයේ තත්ත්වය සාමකාමී බව පොලිසිය ප්‍රකාශ කළා. යාපනය ප්‍රදේශයේ ඊයේ සහ අද කිසිදු විරෝධතාවක් හෝ  උද්ඝෝෂණයක් නොතිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

යාපනය නගරය තුළ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා දිනයේදී නියෝගයක් ද නිකුත් කළා. මෙම නියෝගය නිකුත් කර තිබුණේ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් සහ තවත් සංවිධාන දෙකකට එරෙහිවයි.

කයිට්ස් - පුංකුඩුතිව් දූපතේ දී පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඇති වූ විරෝධතා පසුගිය දින කිහිපය තුළ අඛන්ඩව දක්නට ලැබුණා.

යාපනය අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූයේ ද සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් පැවති උද්ඝෝෂණයක් අතරතුරයි. එහිදී සාමය කඩ වන අයුරින් හැසිරුණු 130 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories