Update : මරදානේ ගින්නෙන් පසු, ආපනශාලා අලූත් වන ලකුණු

Monday, 25 May 2015 - 13:29

Update+%3A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%2C+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
මෙරට ආපන ශාලා පද්ධතිය නවීකරණය කිරීම සඳහා ජාතික සැලැස්මක් අවශ්‍ය බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි ජාතික සංවිධායක අසේල සම්පත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එවැනි සැලැස්මක් මෙරට තිබුණේ නම් ඊයේ (25) දිනයේදී මරදානේ ආපන ශාලාවක සිදුවූ ගිනි ගැනීම් වැනි තත්ත්වයන් ඇති නොවන බවයි.

මරදාන - එල්ෆින්ස්ටන් රඟහල අසල ආපන ශාලාවක ඊයේ පස්වරුවේ ඇතිවූ ගින්නෙන්  පුද්ගලයින් තුන්දෙනෙකු  ජීවිතක්ෂයට පත්වුණා. මෙම ගින්න පැයකට ආසන්න කාලයක් පුරා පැවති අතර, කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 11ක් යොදා එය මැඬ පවත්වනු ලැබුවා. එම අවස්ථාවේ ගින්නට මැදිව ආපන ශාලාව තුළ සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මහත් පරිශ්‍රමයක් යොදා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් මුදා ගනු ලැබුවා. පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද ඔවුන් ඒ වන විටත් මිය ගොස් සිටි බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ සදහන් කළේ.

ගින්නෙන් මෙම ආපන ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, එම ස්ථානයේ තිබූ යතුරුපැදි දෙකක් ද එහිදී විනාශ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට අනාවරණ වී ඇති බවයි.

මේ අතර, අද අලූයම සීදුව නගරයේ විදුලි භාණ්ඩ අලෙවි සැලක ඇති වූ ගින්නකින් ඊට දැඩි හානි සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මීගමුව නගර සභාවේ සහ කටුනායක ගුවන් හමුදා කදවුරේ ගිනි නිවීමේ නිළධාරීන් එක්ව මෙම ගින්න දැනට පාලනය කර ඇති බවයි.

කොළොන්නාව - ගොතටුව ප්‍රදේශයේ වෙළදසැලක ද ඊයේ රාත්‍රියේ ඇති වූ විදුලි කාන්දුවත් සමග සුළු ගිනි ගැනීමේ තත්ත්වයක් ඇති වුණා.

Update: Monday, 25 May 2015 - 08:00 PM
................................................................................................................................................

මරදානේ ගින්නෙන් - තිදෙනෙකු ජීවිතක්ෂයට

මරදාන - එල්ෆින්ස්ටන් රඟහල අසල ආපන ශාලාවක අද (25)පස්වරුවේ ඇතිවූ ගින්නකින්  පුද්ගලයින් තුන්දෙනෙකු  ජීවිතක්ෂයට පත්වුණා. මෙම ගින්න පැයකට ආසන්න කාලයක් පුරා පැවති අතර, කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 11ක් යොදා එය මැඬ පවත්වනු ලැබුවා. එම අවස්ථාවේ ගින්නට මැදිව ආපන ශාලාව තුළ සිරවී සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මහත් පරිශ්‍රරමයක් යොදා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් මුදා ගනු ලැබුවා. පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද ඔවුන් ඒ වන විටත් මිය ගොස් සිටි බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ සදහන් කළේ.

ගින්නෙන් මෙම ආපන ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර, එම ස්ථානයේ තිබූ යතුරුපැදි දෙකක් ද එහිදී විනාශ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක කරන බවයි. කෙසේ වෙතත්, ගින්නෙන් ආපන ශාලාවට සිදුවූ හානිය මෙතෙක් ගණන් බලා නැහැ.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විෂ දුමක් ආඝ්‍රාහනය වීමෙන් මෙම මරණ සිදුවී ඇති බවට දැනට සැක පළ කරන බවයි. 



Update: Monday, 25 May 2015 - 07:25 PM
.............................................................

අදාළ සිද්දිය වූ අවස්ථාවේ ආපනශාලාව තුල සිර වී සිටි පුද්ගලයන් ති දෙනෙකුව මහත් පරිශ්‍රමයක් දරා බේරාගැනීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. කෙසේ වෙතත් මෙම තිදෙනා රෝහලට රැගෙන එන විටත් ජිවිතක්ෂයට පත්ව ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂක අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ගින්නට හේතුව ගෑස් නළයක කාන්දුවක් බවට පොලිසිය සැක පළකරන අතර ගිනි නිවන රථ 11ක් යොදා ගනිමින් ගින්න නිවා දමා තිබේ.

3.55 PM මරදාන - එල්ෆින්ස්ටන් රඟහල අසල බේකරියක ඇතිවූ ගින්නෙන් පුද්ගලයින් තුන්දෙනෙකු  ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ගින්නෙන් ඇති වූ දුම ආඝ්‍රාහනයවීම සහ පිළිස්සීම් හේතුවෙන් ඔවුන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ. අද පස්වරුවේ මෙම ගින්න හට ගත් අතර, ගින්නට හේතුව ගෑස් නළයක ඇති වූ කාන්දුවක් බවයි මරදාන පොලීසිය සඳහන් කළේ. ගින්න පැයකට ආසන්න කාලයක් පැවතී ඇති අතර කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ 8ක් යොදා ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මිය ගිය එක් පුද්ගලයෙකු හැටන් - ලිදුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



Update : Monday, 25 May 2015 - 13:29
...................................................................................................................................................

මරදානේ බේකරියක ගින්නක්

මරදාන - එල්ෆින්ස්ටන් රඟහල අසල බේකරියක හදිසි ගින්නක් ඇතිව තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් ඒකකය සඳහන් කළේ ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ එම ස්ථානයට පැමිණ ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories