Update : අද නොපැමිණි ආදේශක සහ අනියම් සෞඛ්‍ය සේවකයන් රැකියාවෙන් දොට්ට

Tuesday, 26 May 2015 - 7:43

Update+%3A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%86%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7
අද දින සේවයට වාර්තා නොකළ ආදේශක සහ අනියම් සෞඛ්‍ය සේවකයන් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරන බව සෞඛ්‍ය  අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එසේම රෝහල්වල සුළු සේවා පාලක කාර්යාල වසා තබා ඇති සුළු සේවා පාලකවරුන්ටද විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

සමස්ත ලංකා සුව සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 5ක සාමාජිකත්වය දරණ, ශ්‍රේණි 30ක අයත් සෞඛ්‍ය සේවකයින් දිවයින පුරා රෝහල්වල ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශික්ෂණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම පිළිකා රෝහල, මාතර මහ රෝහල, ගාල්ල - කරාපිටිය රෝහල, මහනුවර මහ රෝහල ඇතුළු රෝහල් රැසක් ඊට අයත්. බොහෝ රෝහල්වල දෛනික කටයුතු සිදුකෙරුනේ හමුදා සාමාජිකයන්ගේ සහයෙන්. රුපියල් 3000ක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමිනුයි සෞඛ්‍ය සේවකයන් අද උදෑසන 6.30ට සිට දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කළේ. මෙම වර්ජනයට සෞඛ්‍ය කාර්ය සහායකයින්, උපස්ථායකයින්, රසායනාගාර කාර්මිකයින් සහ වාට්ටු ලිපිකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.   

කෙසේ වෙතත් වර්ජනය කැඳවා තිබෙන සමස්ත ලංකා සුවසේවා සංගමය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙම වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වගකීම භාරගත යුතු බවයි. දිවයිනේ රෝහල් 1086 කින්  රෝහල් 1070 කම වර්ජනය ක්‍රියාත්මක බව එහිදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම වර්ජනයට සහය නොදෙන බවයි වෘත්තීය සමිති 22කින් සමන්විත ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ටී.එච්. සෝමරත්න ප්‍රකාශ කළේ. 



Update : Tuesday, 26 May 2015 - 07:36 PM
---------------------------------------------
සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් රැසකට බාධා. - සහයට හමුදාව

සමස්ත ලංකා සුව සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති 5ක සාමාජිකත්වය දරණ, ශ්‍රේණි 30ක අයත් සෞඛ්‍ය සේවකයින් දිවයින පුරා රෝහල්වල ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. රුපියල් 3000ක දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් එම සංගමය අද (26) උදෑසන 6.30ට සිට වර්ජනයක් ආරම්භ කළා. මෙම වර්ජනයට සෞඛ්‍ය කාර්ය සහායකයින්, උපස්ථායකයින්, රසායනාගාර කාර්මිකයින් සහ වාට්ටු ලිපිකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.                                 

කෙසේ වෙතත්, මෙම වර්ජනයට සහය නොදෙන බව වෘත්තීය සමිති 22කින් සමන්විත ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ටී.එච්. සෝමරත්න ප්‍රකාශ කළා. ඊයේ දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට එකඟවීමත් සමඟ මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.

සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම පිළිකා රෝහල, මාතර, ගාල්ල, මහනුවර ඇතුළු රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත්, හමුදා සාමාජිකයන් ද යොදවා රෝගීන්ට අවශ්‍ය සේවාවන් ලබාදෙන බවයි ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණේ.

මේ අතර, ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ ද හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ රෝහලේ කටයුතු සඳහා නාවික හමුදාවේ සහාය ද ලබාගෙන ඇති බවයි.

Update : Tuesday, 26 May 2015 - 10:26
---------------------------------------------

එයාලට වැටුප් ලෙඩ්ඩුන්ට කරදර

හිඟ වැටුප් ලබාගැනීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා සුවසේවා සංගමය අද (26) උදෑසන 6.30 සිට යළිත් වරක් දින දෙකක සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. පසුගිය සතියේ ද ඔවුන් දින තුනක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර, සඳුදා දින සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි මීට පෙර පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති සමන්ත කෝරලේආරච්චි සදහන් කළේ. ඒ අනුවයි යළිත් වරක් අද දිනයේ මෙලෙස නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත්තේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිති 22ක් ඊයේ මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවාවේ ශ්‍රේණි 27කට ලබන මාසයේ සිට රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට එකඟ වී තිබෙනවා.  කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.                                           

මුදල් අමාත්‍යවරයා සමඟ ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඊ.එච්. සෝමරත්න සඳහන් කළේ වෙනත් කිසිදු වෘත්තීය සමිතියක් ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගවලට තම එකමුතුව සහාය පළ නොකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories