ජනපති යාපනයට

Tuesday, 26 May 2015 - 13:14

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මේ වන විට යාපනයේ සංචාරයක නිරත වනවා. කයිට්ස් පාසල් සිසුවියගේ ඝාතනයෙන් පසු යාපනයේ ඇති වූ තත්ත්වය සොයා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ. යාපනයට පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් විසින්. ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද එක්ව සිටින බව හිරු වාර්තාකරු කියා සිටියා.

මේ අතර, යාපනය - චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ උද්ඝෝෂණ, පෙළපාලි සහ පා ගමන්  පැවැත්වීම තහනම් කරමින් මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද සිට දින 14ක කාලයක් මෙම නියෝගය බල පැවැත්වෙන බවයි. මහජන බලය සංවිධානයේ සභාපති මුරුගන් කුමාරවේල් වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.              

යාපනය නගරය තුළ ද උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 22 වන දා මෙවැනිම නියෝගයක් නිකුත් කළා. මැයි 29 වන දා තෙක් බල පැවැත්වෙන පරිදි එම නියෝගය නිකුත් කර තිබුණේ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිදරන් සහ තවත් සංවිධාන දෙකකට එරෙහිවයි. කයිස්ට් - පුංකුඩුතිව් දූපතේදී පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු ඇති වූ විරෝධතා පසුගිය දිනවල දක්නට ලැබුණා. යාපනය අධිකරණ සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල වූයේ ද සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට බල කරමින් පැවැති උද්ඝෝෂණයක් අතරතුරදියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories