ෆුල්ෆේස් හෙල්මට් දැමූ 4 ක් තවත් 4කට වෙඩි තබයි

Tuesday, 26 May 2015 - 15:33

%E0%B7%86%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+4%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ෆුල්ෆේස් හෙවත් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන හිස් වැසුම් පැළඳ පේරාදෙණිය - ගෙලිඔය නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ මහනුවර ශික්ෂණ රෝහලේයි. අද පස්වරුවේ යතුරුපැදි 2 කින් පැමිණි කොල්ලකරුවන් හතරදෙනෙකු ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකා ඇති අතර එහි තිබූ මුදල් මෙන්ම රන් භාණ්ඩද රැගෙන ගොස් තිබෙනවා.

කොල්ලකෑම සිදුකරන අවස්ථාවේ ඔවුන් ස්වර්ණාභරණ අලෙවිසැල අවට රැඳී සිටි පුද්ගලයන්ට වෙඩි තබා තිබුනා. එහිදී තුවාල ලැබූ හතරදෙනෙකු පළමුව පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුරුව මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories