20 වෙනසට කැබිනට් අනුමැතිය

Thursday, 28 May 2015 - 8:14

20+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
තවදුරටත් සංශෝධන ඇතුළත් කිරීමට ඉඩ සළසමින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදියි.

මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් පසුගියදා දේශපාලන පක්ෂ සිය යෝජනා ජනාධිපතිවරයා වෙත භාර දුන්නා. පසුව අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත්, කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. එස්.බී.දිසානායක, පාඨලී චම්පික රණවක, රිෂාද් බදියුදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල සහ පලනි දිගම්බරම් යන අමාත්‍යවරුන් ද ඊට ඇතුළත්.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නායක අමාත්‍ය රවුෆ් හකීම් සහ ජාතික කම්කරු පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳවද අවධානය යොමු කරමින් තවදුරටත් සංශෝධනවලට ඉඩකඩ තබමින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතිය හිමිවූ බවයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories