Update: නයිජීරියාවේදි පැහැරගත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවාට නිදහස

Thursday, 28 May 2015 - 8:18

Update%3A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
නයිජීරියාවේදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රී  ලාංකික ඉංජිනේරු ඞී.ඒ. කරුණාදාස, කප්පම් මුදල ලබාදීමෙන් පසුව නිදහස් කර තිබෙනවා. ඔහුගේ දියණිය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ නයිජීරියාවේ ශ්‍රී  ලංකා තානාපතිවරයා අද (28) උදෑසන දුරකථනයෙන් ඒ බව තහවුරු කළ බවයි.

ශ්‍රී ලාංකිකයා නිදහස් කරගැනීම සඳහා ඔහු සේවය කරන ඉදිකිරීම් සමාගමෙන් ලබාදුන් කප්පම් මුදල කොපමණද යන්න සහ එය ලබාදුන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණ වී නැහැ.

වේයන්ගොඩ - මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ඔහු පසුගිය 19 වැනිදා නයිජීරියාවේ ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදී ත්‍රස්තවාදී කණ්ඩායමක් පැහැර ගැනීමකට ලක්වුණා. එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ රියදුරා ඔන්ඩෝ ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරුණා.

පැහැරගැනීමට ලක්වූ ඞී. ඒ. කරුණාදාසගේ දියණිය වන ෂෙනාලි  රත්නසේකර කියා සිටියේ තම පියා අද උදෑසන තමාට මෙන්ම පවුලේ ඥාතීන්ට දුරකථනයෙන් කථා කළ බවයි.

විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී. පෙරේරා  සඳහන් කළේ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මේ සඳහා විශාල කැපකිරීමක් සිදුකළ බවයි. එමෙන්ම ඞී.ඒ. කරුණාදාස පැහැරගත් ත්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව එරට රජයෙන් නීතිමය පියවරක් ගනු ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.



Update : Thursday, 28 May 2015 - 12.19
------------------------------------------------
නයිජීරියාවේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රී ලාංකිකයා බේරා ගැනේ

කප්පම් ඉල්ලා නයිජීරියාවේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රී ලාංකික ඉංජිනේරු ඞී.ඒ. කරුණාදාස ඊයේ නිදහස් කර තිබෙනවා. ඔහුගේ දියණිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා දුරකථනයෙන් ඒ බව තහවුරු කළ බවයි. වේයන්ගොඩ - මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ඔහු පසුගිය 19 වැනිදා නයිජීරියාවේ ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදී සන්නද්ධ කල්ලියක පැහැර ගැනීමකට ලක්වුණා. එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ රියදුරා ඔන්ඩෝ ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories