අතුරුදන්වූ පාසල් සිසුවා සොයා පොලීසිය රත්ගම පීරයි - ගිං ගෙඟත් මෙහෙයුම්

Thursday, 28 May 2015 - 8:56

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B7%99%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ගාල්ල - බූස්ස - රත්ගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවා තවමත් හමුවී නැහැ. පොලීසිය සඳහන් කළේ සිසුවා පදිංචි රත්ගම ප්‍රදේශය පුරා ඊයේ දිනයේදී මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. එමෙන්ම සිසුවාගේ පාසල් බෑගය ගිං ගඟ ආසන්නයේ දුම්රිය මාර්ගයක තිබී සොයාගැනීම හේතුවෙන් ගිං ගෙඟ්ද කිමිදුම්කරුවන් යොදවා ඊයේ සහ පෙරේදා මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි ගාල්ල පොලීසිය කියා සිටියේ.

පාසල් සිසුවෙකු අතුරුදන්ව ඇති බවට රත්ගම පොලීසියට පැමිණිල්ලක් ලැබුණේ පෙරේදා රාත්‍රියේයි.   ගාල්ල - බූස්ස දේවපතිරාජ මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ කේ. ඉමේෂ් නැමති සිසුවා අතිරේක පන්තියකට සහභාගි වී නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමාපියන් මේ පිළිබදව පොලීසිය දැනුවත් කළා. ඒ අනුව මෙම සිසුවාගේ පාසල් බෑගය ගිං ගඟ ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී පොලීසිය සොයා ගත්තේ පසුදා උදෑසනයි. රත්ගම පොලීසිය සඳහන් කළේ සිසුවාගේ පාසල් බෑගය තුළ ලිපියක් තිබී හමුවූ බවයි. එහි ‘‘අම්මේ මට සමාවෙන්න.’’ යනුවෙන් සටහන්ව තිබූ බවයි වාර්තාවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories