Update: විමල්ගේ බිරිඳට ආයෙත් ලෙඩ - දින ඉල්ලයි

Thursday, 28 May 2015 - 10:00

Update%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B6%A9+-++%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ අද (28) පෙනී සිටීමට නියමිත වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අසනීප වී සිටීම නිසා ඇය මෙලෙස වෙනත් දිනයක් ඉල්ලා ඇති බවයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද පැමිණෙන ලෙස ශෂී වීරවංශට මීට පෙර දැනුම්දී තිබුණා. හිටපු අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ප්‍රකාශ කළේ ශෂී වීරවංශ ඇතුලූ පවුලේ සාමාජිකයන් දැනට පදිංචිව සිටින කඩුවෙල පිහිටි නිවස සහ ඉඩම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබාගන්නා බව මෙහිදී ඇයට දැනුම්දී තිබූ බවයි.

අවිධිමත් ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් සහ විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව ද ශෂී වීරවංශට මීට  පෙර එල්ලවුණා. ඊට අදාළව පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව ඇය අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරියා.  මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රශ්න කළා. 
Update : Thursday, 28 May 2015 - 12.19
------------------------------------------------

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ අද (28) දිනයේ පෙනී සිටීමට නොහැකි බව දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එහි පෙනී සිටීමට නොහැකි බව ඇය දැනුම්දී ඇති බවද ඔහු කියා සිටියා. ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙසට ශෂී වීරවංශට මීට පෙර දැනුම්දී තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories