Update: කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ විත්තිකරුවන් නිදහස්

Thursday, 28 May 2015 - 11:31

Update%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තිදෙනා  නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (28) තීරණය කළා. තීන්දුව ලබාදුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් විසින්. මෙහි තීන්දුව පසුගිය 7 වැනිදා ලබාදීමට නියමිතව තිබුණත් එය පසුව අද දිනය දක්වා කල් දැමුණා.

2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනය කර ඔවුන්ගේ නිවස තුළම ගිනි තැබීම සම්බන්ධයෙන් නඩුව ගොනු කළේ නීතිපතිවරයා විසින්. කොටකෙතන ඝාතන සිද්ධි මාලාවට අදාළව නීතිපතිවරයා ගොනුකළ පළමු නඩුවද මෙයයි. මීට අදාළව  නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත කුමාර සහ ලොකුගම් හේවාගේ මිථිල යන සැකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු  කර තිබුණා.

කෙසේ වෙතත් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් ආචාරිගේ සිරිපාල නැමැත්තාගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරින් දෙදෙනාගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවයි. එම නිසා අදාළ සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොර බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.

පැමිණිලි පාර්ශවය විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අසමත් වූ  නිසා විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කරන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි නයනා නිල්මිණී සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි ඝාතනය කර තිබුණේ 2012 වසරේ ජනවාරි 31 වන දායි. එම සිද්ධියට අදාළව ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිද වන රසිකා චාන්දනී චෝදනා ලැබ සිටිනවා.



Update : Thursday, 28 May 2015 - 12:19
------------------------------------------------

2012 වසරේ කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය අද (28) නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන්  නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි  නියෝගය නිකුත් කළේ. මෙහි තීන්දුව පසුගිය 7 වැනිදා ලබාදීමට නියමිතව තිබුණත් එය පසුව අද දක්වා කල් දැමුණා.

 කොටකෙතන ප්‍රදේශයේදී 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනයට ලක්වූයේ පසුගිය 2012 වසරේ ජූලි මස 19 වැනිදායි.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories