Update: හිටපු ඇමති ජොනී ඇතුළු 3කට ඇප

Thursday, 28 May 2015 - 11:47

Update%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92++%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රිමාන්ඞ් භාරයේ සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලූ සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදාහැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක අද (28) නියෝග කළා. ඒ, ඔවුන් මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ ඇප අයදුම්පත් අද සළකා බැලූ අවස්ථාවේදීයි. ඒ අනුව රුපියල් 25 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප 3 ක් මතයි මොහු මුදාහැර ඇත්තේ.

හිටපු අමාත්‍යවරයාට අමතරව ඇප මත මුදාහරිනු ලැබුවේ ඔහුගේ පුද්ගලික ලේකම් වූ සාකීර් මොහොමඞ් සහ ලක් සතොස ආයතනයේ හිටපු සභාපති කේ.එම්.ආර් ප්‍රනාන්දුවයි.

සමුපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ ලක් සතොස ආයතන කිහිපයකින් මුදල් ගෙවීම්  සිදු නොකර භාණ්ඩ ලබාගෙන රුපියල් රුපියල් පනස් දෙලක්ෂ 75,000ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකිරීමේ චෝදනාව මත ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා පසුගිය පස්වැනිදා අත්අඩංගුවට ගත්තා. පසුව  සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනුනු අතර ඔවුන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකළා. 



Update : Thursday, 28 May 2015 - 12.19
------------------------------------------------

ජෝනීටත් ඇප

ලක්ෂ 52ක වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු  ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හරියි. කුරුණෑගල මහාධිකරණය   නියෝගය ලබා දී තිබේ. ඒ අනුව රුපියල් 25000ක මුදල්  සහ ලක්ෂ 25 බැගින්  වූ ශරීර ඇප ලබා දී ඇත.

රුපියල් ලක්ෂ 52ක සතොස භාණ්ඩ මිලදී ගෙන ඇති බවට හිටපු වෙළෙඳ ඇමැතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

හිටපු ඇමැතිගේ පුද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් සහ සතොස හිටපු සභාපති ආර් එම් ප්‍රනාන්දුට ද ඇප නියමව ඇත.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories