හමුදා සතුව පැවති අවසන් නගරයත් කැරලිකරුවන්ට

Friday, 29 May 2015 - 8:06

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
අල්කයිඩා සංවිධානයට අනුබද්ධ සිරියානු අල් නුස්රා සටන්කාමීන් සිරියාවේ ඉඞ්ලිබ් නගරය ඊයේ (28) තම ග්‍රහණයට ගැනීමට සමත්වුණා. එය බටහිර දිග සිරියාවේ රජයේ හමුදා සතුව පැවති අවසන් ප්‍රධාන නගරයයි. කෙසේ නමුත්, සිරියානු රජය ප්‍රකාශ කළේ එහි තවමත් දරුණු ගැටුම් පවතින බවයි. තුර්කි දේශසීමාව ආසන්නයේ පවතින ඉඞ්ලිබ් නගරය ක්‍රමෝපාය අතින් වැදගත් නගරයක් ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම, එය පිහිටා ඇත්තේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බලකොටුව ලෙස සැලකෙන ලටාකියා ප්‍රාන්තය සීමා කොටගෙනයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories