මැතිවරණ සමයේ මාධ්‍ය ආයතන නියාමනයට කමිටුවක්

Friday, 29 May 2015 - 8:18

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ස්වාධීනව පැවැත්වීමේ අරමුණින් මාධ්‍ය ආයතන නියාමනයට කමිටුවක් පත්කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. මානව හිමිකම් කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කරන අවස්ථාවේ සිට මැතිවරණය අවසන් වී සතියක කාලයක් ගතවන තුරු මෙම නියාමන කමිටුව ක්‍රියාත්මක වන බවයි. පළමුවෙන්ම මෙය නීතියක් ලෙස නොව එකඟතාවය මත ආරම්භ කරන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

2005 වසරේ ජනාධිපතිවරණයේදී උතුරේ ඡන්දය වැළැක්වීම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. ඊට මැතිවරණ කොමසාරිස්වරයා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ ඡන්දය වර්ජනය කිරීමට බලපෑම් කිරීම බරපතල වරදක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories