Update: රත්ගම මියගිය සිසුවා උපකාරක පන්ති යද්දී හමුවූ අමුත්තා කවුද ?

Friday, 29 May 2015 - 9:19

Update%3A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F
ගිංතොට පාලම අසළ ගිං ගඟේ තිබියදී අද (29) සිරුර සොයා ගත් ගාල්ල - බූස්ස - රූබිවල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා. මිය ගිය ඉමේෂ් ශ්‍රීමාල් පියා සමඟ පසුගිය සඳුදා දිනයේ අතිරේක පන්තියකට සහභාගිවීමට යන අවස්ථාවේදී අතරමඟ සිටි අයෙකු සමඟ ඇති කර ගත් ප්‍රශ්නයක් පිළිබදව ද ඉමේෂ්ගේ මව තොරතුරු හෙළි කළා. ඔහු අතුරුදන් වන්නේ එදින රාත්‍රියේයි.

කෙසේ වෙතත්, තම පුතු අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් රත්ගම පොලිසියට එදිනම පැමිණිලි කළා. ඔහුගේ බෑගය ගිං ගඟේ ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී සොයා ගන්නේ ඊට පසුදිනයි. එහි තිබූ කොළ කැබැල්ලක ‘‘මට සමාවෙන්න අම්මේ’’ යනුවෙන් දැක්වුණු බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ අනුවයි ගිං ගඟ අවට සෝදිසි කිරීම් ආරම්භ වුණේ. අද උදෑසන ඉමේෂ්ගේ සිරුර ගිංතොට පාලම අසළින් හමුවුණා. එම අවස්ථාවේදී ද ඔහුගේ අතෙහි ලිපියක් වැනි යම් දෙයක් රැදී තිබූ බව රත්ගම පොලිසිය ප්‍රකාශ කළා. එහෙත්, එහි සටහන් වී ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකිවී ඇත්තේ එය දින කිහිපයක් ජලයේ තිබීම හේතුවෙන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ සිසුවාගේ බෑගයේ තිබී හමුවූ ලිපිය සහ වෙනත් කරුණු සලකා බැලීමේදී සිසුවා සිය දිවි හානි කරගෙන ඇති බවට දැනට සැක පළ කරන බවයි.

මේ අතර, මිය ගිය ඉමේෂ් ශ්‍රීමාල්ගේ මව සඳහන් කළේ ඔහු පියා සමඟ 25 වන සඳුදා අතිරේක පන්තියකට යන අවස්ථාවේදී අතරමඟ සිටි පුද්ගලයෙකු සහ පුතු අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි. එහිදී ප්‍රකාශ වුණු කරුණු සම්බන්ධයෙන් යළි නිවසට පැමිණි පසු සොයා බලන බව ඉමේෂ්ගේ පියා ප්‍රකාශ කර තිබෙනවා. ඉමේෂ්ගේ මව කියා සිටියේ එම ප්‍රශ්නය පුතුගේ මරණයට හේතුවක් වීමට ඉඩ ඇති බවයි.



Update: Friday, 29 May 2015 - 9:19
...........................................................................................................................

සිසුවාගේ සිරුර හමුවෙයි - ලියුමක් වැනි යමක් අතක අලවාගෙන

ගාල්ල - බූස්ස - රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි  අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවාගේ සිරුර හමු වූ බව රත්ගම පොලිසිය පවසයි. සිරුර මේ වනවිට ගොඩ ගෙන ඇත.
ගිංගඟේ - ගිංතොට පාලම අසල තිබී පොලිසිය අද (29) උදෑසන සිරුර  සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් සඳහන් කළේ ලියුමක් වැනි යමක් සිසුවාගේ අතක අලවාගෙන ඇති බවයි.

එහෙත්, එහි සටහන් වී ඇත්තේ කුමක් ද යන්න පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකිවී ඇත්තේ එය දින කිහිපයක් ජලයේ තිබීම හේතුවෙන්. මියගිය සිසුවාට බාල සහෝදරයෙකු සහ සහෝදරියක ද සිටින බව සඳහන්. සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.

කේ.ඉමේෂ් නමැති සිසුවා අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් විසින් රත්ගම පොලිසියට පැමිණිලි කර තිබුණේ පසුගිය 25 වැනිදා රාත්‍රියේයි.

රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මොහු එදින අතිරේක පන්තියකට ගොස් තිබුණා. කෙසේ වෙතත්, නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් සැක සිතී දෙමව්පියන් පොලිසිය දැනුවත් කර තිබූ අතර, පසුව සිසුවාගේ බෑගය ගිංගඟ  ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී සොයා ගත්තේ 26 වනදා උදෑසනයි.
රත්ගම පොලීසිය සඳහන් කළේ සිසුවාගේ පාසල් බෑගය තුළ ලිපියක් තිබී හමුවූ බවයි. එහි ‘‘අම්මේ මට සමාවෙන්න.’’ යනුවෙන් සටහන්ව තිබූ බවටද  වාර්තා විය.

ඒ  හේතුවෙන් කිමිදුම්කරුවන් යොදවා දින දෙකකදී  ගිං ගඟේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි පොලීසිය කියා සිටියේ.



























(ඡායාරූප - රත්ගම රොෂාන්)



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories