ඉල්ලා අස්වූ 4 දෙනා වෙනුවට නිදහස් පක්ෂයෙන් නව ඇමතිවරු

Friday, 29 May 2015 - 13:08

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි අද (29) දිවුරුම් දුන්නා. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ අද පෙරවරුවේ

පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන ලක්ෂ්මන් යාපා අබේවර්ධනයි.
රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පණ්ඩු බණ්ඩාරනායක,
පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව කටයුතු කරන රංජිත් සියඹලාපිටිය,
නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හේමාල් ගුණසේකරත් දිවුරුම් දුන්නා.
චන්ද්‍රසිරි සූරියආරච්චි දිවුරුම් දෙනු ලැබුවේ ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මෙම නව දිවුරුම් දීමත් සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 40ක් වනවා. රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 14ක් වන අතර, නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 23ක්.

පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරු 3 දෙනෙකු එම ධුරවලින් ඉල්ලා අස්වුණා. මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයෙන් ද, පවිත්‍රා වන්නිආරච්චි පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද, ඉවත්ව ගියා. සී.බී. රත්නායක රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ඩිලාන් පෙරේරා නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. එම අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය ධුර සඳහායි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව පත් කිරීම් සිදුකර ඇත්තේ.

කෙසේ වෙතත්, ඉඩම් නව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පත් කර තිබෙනවා. තිස්ස කරලියද්ද මන්ත්‍රීවරයා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ බුද්ධ ශාසන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරයට හෝ පසුගිය දා අභාවප්‍රාප්ත වූ නෙරංජන් වික්‍රමසිංහගෙන් හිස් වූ මහජන සාමය හා ක්‍රිස්තියානු කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ධුරයට මෙතෙක් කිසිවෙකු පත් කර නැහැ.

මේ අතර, නව අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අද දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් චන්ද්‍රසිරි සූරිආරච්චිගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මහජන නියෝජිතයෙකු ලෙස ජනතාවට සේවය කිරීමට අවශ්‍ය නිසා ඇමතිකම භාර ගත් බවයි.

ඇතැම් පිරිස් අමාත්‍ය ධුරවලින් ඉවත් වද්දී තවත් කණ්ඩායමක් අමාත්‍ය ධුර භාර ගැනීම තුළ පරස්පරයක් පවතින්නේ ද යන්න පිළිබදව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධනගෙන් අප විමසා සිටියා. ඔහු කියා සිටියේ එවැන්නක් නොමැති බවයි.

























Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories