වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් අවශ්‍ය නැහැ

Friday, 29 May 2015 - 14:11

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
ලබන ජුනි 3 වැනිදායින් පසු ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමේ ඉඩ ප්‍රස්ථාව පවතින බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව සඳහා නම් කර ඇති සිවිල් නියෝජිතයන් තුන්දෙනා සඳහා ලබන 3 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු ඒ සඳහා අවස්ථාව උදාවන බවයි සභානායකවරයා පෙන්වා දෙන්නේ්. එම අනුමැතිය හිිමිවීමත් සමඟම ව්‍යවස්ථාදායක සභාව සක්‍රිය වනු ඇති. ඉන් පසු කඩිනමින් ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමේ අවස්ථාව හිමිවනවා.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු පසුගියදා ඉවත් වූ අවස්ථාවේ ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට නොහැකිවූයේ ද ව්‍යවස්ථාදායක සභාව සක්‍රිය වී නොතිබීම හේතුවෙන්. කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් නියෝජිතයින් ලෙස ආචාර්ය රාධිකා කුමාරස්වාමි, සර්වෝදය ව්‍යාපාරයේ නායක ආචාර්ය ඒ.ටී ආරියරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්ලිව්.ඒ සලාම් මේ වනවිට නම් කර තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා 10 ක් බලාත්මක වනු ඇති. මැතිවරණ , රාජ්‍ය සේවා, පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ, මූල්‍ය , සීමා නිර්ණය, ජාතික ප්‍රසම්පාදන සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ඊට ඇතුළත්. මෙම කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා නම් නිර්දේශ කරනු ලබන්නේ ද ව්‍යවස්ථාදායක සභාව මගින්.

මීට අමතරව, ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, ඔම්බුඞ්ස්මන්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා යන තනතුරුවලට අනුමැතිය ලබාදීම ද ව්‍යවස්ථාදායක සභාවට අයත් කාර්යයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories