5 න් 1 ක් කාන්තාවන් විය යුතුයි

Friday, 29 May 2015 - 14:14

5+%E0%B6%B1%E0%B7%8A+1+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
 දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩලයේ කාන්තා නියෝජනය පහෙන් එකක් විය යුතු බවට යෝජනාවක් විධායකය වෙත ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු කියා සිටියේ දැනට පවතින නීතියට අනුව දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩලයේ සිටිය යුතු වන්නේ එක් කාන්තාවක් පමණක් බවයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ ආබාධ සහිත හා වැඩිහිටි තැනැත්තන්ට ජන්දය ප්‍රකාශ කිරීමේ පහසුකම් සැපයීමේ ජාතික වැඩපිළිවෙල පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට කොළඹ දී අද (29) එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories