කොටකෙතන තීන්දුව ගැන අභියාචනයක් සඳහා පොලීසිය සූදානම්

Friday, 29 May 2015 - 19:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
රත්නපුර - කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පොලීසිය සූදානම් වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළේ මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින්.

2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය ඊයේ තීරණය කළා. ඊට අදාළ නඩුවේ තීන්දුව ලබාදුන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් විසින්.

2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි ලියනාරච්චිගේ ප්‍රේමවතී සහ ඇගේ දියණිය වන 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි ඝාතනය කර ඔවුන්ගේ නිවස තුළම ගිනි තැබීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කළේ නීතිපතිවරයා විසින්. මීට අදාළව  නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත කුමාර සහ ලොකුගම් හේවාගේ මිථිල යන සැකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු  කර තිබුණා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් ආචාරිගේ සිරිපාල නැමැත්තාගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරින් දෙදෙනාගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවයි. එම නිසා අදාළ සාක්ෂි විශ්වසනීයත්වයෙන් තොර බවට අධිකරණය තීන්දු කර තිබුණා.

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයෙන් කාන්තා ඝාතන රැසක් පසුගිය කාලය තුළ වාර්තා වූ අතර, 52 හැවිරිදි නයනා නිල්මිණී සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි යන මව සහ දියණිය ඝාතනය කර තිබුණේ 2012 වසරේ ජනවාරි 31 වන දායි. එම සිද්ධියට අදාළව ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිද වන රසිකා චාන්දනී චෝදනා ලැබ සිටිනවා.

මේ අතර, අදාළ සැකකරුවන් නිදහස් වීමත් සමඟ කහවත්ත නගරයේ ඊයේ පස්වරුවේ ඇති වූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්. කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් කහවත්ත නගරයේ  විරෝධතාවක ද නිරත වුණා. ඔවුන් එහිදී රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක්වූ අතර, පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories