20 ගැන එකඟත්වයක් නැහැ - ඡන්දයකට යන්න

Friday, 29 May 2015 - 19:27

20+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කඩිනමින් මහමැතිවරණයක් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂය අද (29) යළි ඉල්ලීමක් කළා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට මේ දක්වා දේශපාලන පක්ෂ අපොහොසත් වී ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ද එක්ව සිටියා. ඔහු කියා සිටියේ ජනවාරි 8 වන දා සිදුකළ විප්ලවය අවසන් වන්නේ මහමැතිවරණයක් පැවැත්වීමෙන් පසුව බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories