Update; රත්නපුර දැන් සාමකාමීයි - පොලීසිය

Saturday, 30 May 2015 - 12:16

Update%3B+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA
රත්නපුර - කහවත්ත නගරය මේ වනවිට සාමකාමී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. පෙරේදා පැවැති විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද (30) පෙරවරුවේ ද යළි උද්ඝෝෂණයක් පැවැත්වුණා. 


Update: Saturday, 30 May 2015 - 18:58
.................................................................................................

කහවත්ත යළි උණුසුම්වෙයි - පුද්ගලයෙකු අත්අඩංගුවට

රත්නපුර - කහවත්ත නගරයේ අද පෙරවරුවේ යළි උද්ඝෝෂණයක් ආරම්භ වී තිබෙනවා.  කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් ඊට එක්ව සිටින බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා. පෙරේදා පැවැති විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනුයි කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් අද යළි උද්ඝෝෂණයක නිරත වන්නේ. මේ නිසා රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා. කෙසේ වෙතත්, පොලීසිය සහ විශේෂ කාර්ය සාධක බලකාය ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, අතිරේක පොලිස් කණ්ඩායම් කිහිපයක් ද එහි කැදවා ඇති බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියා.

කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් නිදහස් වීමත් සමඟයි ප්‍රදේශවාසීන් මෙම විරෝධතා ආරම්භ කළේ. ඊයේ රාත්‍රීයේ එහි සාමකාමී විරෝධතාවක් පැවැති අතර, කහවත්ත නගරයේ පෙරේදා පස්වරුවේ ඇති වූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්. එහිදී ප්‍රදේශවාසීන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පෙරේදා තීරණය කළා. කෙසේ වෙතත්, අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පොලීසිය සූදානම් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories