රාජපක්ෂ රෙජීමයේ තවත් වැඩක් අගමැති හෙළිකරයි

Saturday, 30 May 2015 - 15:07

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පසුගිය රජයේ වංචා දූෂණ සහ නාස්තිය හේතුවෙන් උතුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී ඊට වැයවන මුදල දෙගුණ වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනුවර - ගලහ - භද්‍රාවති මහා විද්‍යාලයේ පැවති හරිතභූමි ඉඩම් ඔප්පු ප්‍රදාන උත්සවයට අද (30) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ උතුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ගෙවීමටද වත්මන් ආණ්ඩුවට සිදුවී ඇති බවයි.


මේ අතර පසුගිය රජය සමයේ හිටපු ජනාධිපතිවරයා, මුදල් අමාත්‍ය සහ මහාමාර්ග ඇමති ධුර හොබවමින් මාර්ග සංවර්ධනයට ලබා ගත් රුපියල් බිලියන 28 ක් වෙනත් කාර්යයන් සඳහා යොදවා ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මහනුවර - පන්විල රාජසිංහ විද්‍යාලයේ අද (30) පෙරවරුවේ පැවැති හරිත භූමි ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම හෙළිදරව්ව සිදුකළා.

මෙහිදී අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තැනූ වත්මන් පාර්ලිමේන්තුව කල් ඉකුත් වූ එකක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories