රවීට සහ හර්ෂට අභියෝග

Saturday, 30 May 2015 - 20:21

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
රජයේ ඉහළ නිලධාරීන්ට අවංකව සේවය කිරීමට සුදුසු වාතාවරණයක් වත්මන් ආණ්ඩුව යටතේ නොමැති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නාරාහේන්පිට - අභයාරාමයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර ඉවත්වීම උදාහරණයට ගත හැකි බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මේ සම්බන්ධයෙන් ඊයේ (29) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කර සිටියා. එහිදී ඔහු කියා සිටියේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විජේවීර, තමන් සිය ධුරයෙන් ඉවත්වූයේ කිසිවෙකුගේ බලපෑමකින් නොවන බවට ලිඛිතව දැනුම්දී ඇති බවයි.

මේ අතර නාරාහේන්පිට අභයාරාමයේදී අද පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී   බන්දුල ගුණවර්ධන, මුදල් අමාත්‍ය රවී කරුණානායකට සහ ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාට අභියෝගයක් එල්ල කළා. ඒ, රටේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රජය කළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කිරීම සඳහා තමන් සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories