Update: කහවත්තේ 7 කට ඇප

Sunday, 31 May 2015 - 8:19

Update%3A+%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A++7+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රත්නපුර - කහවත්ත ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ප්‍රදේශවාසීන් හත්දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා. කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ ද්විත්ව කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් පිරිසකට අධිකරණය මගින් නිදහස හිමිවීමත් සමඟයි මෙම විරෝධතා ආරම්භ වූයේ. කහවත්ත නගරයේ උද්ඝෝෂණය කළ එම පිරිස් පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරද එල්ල කළා.

ඊයේ (30) නැවතත් කළහකාරී තත්ත්වයක් මතුවූයේ කළින් පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිස් නිදහස් කරන ලෙස ඉල්ලමින්. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

මේ අතර නිවැරදි  තොරතුරු ලබාදෙන්නේ හිරු පමණක් බව කහවත්ත ප්‍රදේශවාසීන් ඊයේ ප්‍රකාශ කළා.



මීට පෙර පළ කළ පුවත මෙතනින් බලන්න :


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories