Update : වත්තලදී ත්‍රිරෝද රථයකින් හමුවූ මළ සිරුර ගැන ඇත්ත හෙළිවෙයි

Sunday, 31 May 2015 - 17:58

Update+%3A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වත්තල ප්‍රදේශයේ දී රිය අනතුරු දෙකක් සිදුකරමින් පළා ගිය ත්‍රිරෝද රථයේ තිබී ඊයේ සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.  වත්තල - පල්ලියවත්ත පාලම අසළ දී මෙම ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර සඳහන් කළේ.  එම අවස්ථාව වනවිටත් එහි සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනාට තුවාල සිදුවී තිබුණා.

මෙම ත්‍රිරෝද රථය පුද්ගලයන් තුන්දෙනෙකු සමඟ වත්තල - ප්‍රීතිපුර ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර ඔවුන් තුන්දෙනාම අධික ලෙස බීමත්ව සිට තිබෙනවා. ත්‍රිරෝද රථයෙන් හිස එළියට දමමින්, කෑගසමින් පැමිණි ඔවුන්ගෙන් එක් අයෙකුගේ හිස තවත් ත්‍රිරෝද රථ දෙකක ගැටී ඇති අතර, එම අවස්ථාවේදියි ඔහු  ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.  කෙසේ වෙතත් ඔහු නිසලව සිටීම නිසා කලබල වූ අනෙක් දෙදෙනා වේගයෙන් ත්‍රිරෝද රථය පදවාගෙන රෝහලකට යෑමට උත්සාහ කර ඇති අතර එහිදී එය යළි අනතුරකට ලක්ව තිබෙනවා.ඔවුන්ට තුවාල සිදුව ඇත්තේ එම අවස්ථාවේදියි. පසුව ප්‍රදේශවාසීන් අනතුරු දෙකක් සිදුවූ මෙම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර මළ සිරුර සොයාගත්තේද එම අවස්ථාවේදියි.

Update : Monday, 01 June 2015 - 07:52
---------------------------------------------------------
අනතුරු දෙකක් සිදුකර පළා ගිය ත්‍රිරෝද රථයක මළ සිරුරක්

වත්තල ප්‍රදේශයේ දී රිය අනතුරු දෙකක් සිදුකරමින් පළා ගිය ත්‍රිරෝද රථයක් පල්ලියවත්ත - පාලම අසල දී පොලීසිය අද (31) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථයේ තිබී පුද්ගල මළ සිරුරක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර කියා සිටියේ. මීට අමතරව ත්‍රිරෝද රථයේ තුවාල ලබා සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ අදාළ ත්‍රිරෝද රථය වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories