පාර්ලිමේන්තුවේ පිට වැඩවලට ඉඩ නැහැ

Tuesday, 02 June 2015 - 19:55

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
හෙට රැස්වන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කර ගැනෙන නියෝජිතයන් තුන්දෙනාගේ නම් අනුමත කරගැනීම පමණක් සිදුවන බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හෙට රැස්වන පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්ය ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගතයුතු බවට බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදියි. එසේම සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු තීරණ අනුව හෙට දිනයේ න්‍යාය පත්‍රය සකස් වී ඇති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කථානායකවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා  කිරීමට බලාපොරොත්තු වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories