ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජේ.එච්.ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Wednesday, 03 June 2015 - 10:35

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%A2%E0%B7%9A.%E0%B6%91%E0%B6%A0%E0%B7%8A.%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකු වූ ජේ.එච්.ජයවර්ධන ඊයේ (02) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 94 ක්. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ වැලිසර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. වෘත්තීයෙන් රාජ්‍ය සේවකයෙකු වූ ජේ.එච්.ජයවර්ධන කලාවට සම්බන්ධ වන්නේ ගුවන් විදුලිය හරහායි. අධිෂ්ඨානය, හඳයා, දඩයම වැනි චිත්‍රපට රැසකට රංගන දායකත්වය සපයා ඇති ජේ.එච්.ජයවර්ධන කැළණි පාලම, මකරාක්ෂයා වැනි වේදිකා නාට්‍යය වල ද රගපා තිබෙනවා. හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ ලොකු අප්පච්චි චරිතය රගපෑ ඔහු මෙරට ජනතාවගේ හදවතට සමීප වූ කලාකරුවෙකු ලෙස හැඳින්විය හැකියි.  





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories