පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස කථානායකවරයාගෙන් ද යෝජනාවක්

Wednesday, 03 June 2015 - 10:48

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස තමන් ද යෝජනා කරන බව කථානායක චමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස සිදුකළ ප්‍රකාශයකට සහය දක්වමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ආසන වලින් නැගී සිට ඊට එකඟතාව පළ කිරීමත් සමඟයි. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා ටික වේලාවකට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවීමට කථානායක චමල් රාජපක්ෂ තීරණය කළා.

කථානායකවරයා එහිදී කියා සිටියේ තම නිල කාමරයේදී එම රැස්වීම පැවැත්වෙන බවයි. ස්ථාවර නියෝග යටතේ අසනු ලබන ප්‍රශ්න සහ ඊට අදාළ පිලිතුරු වටයෙන් පසු පාර්ලිමේන්තුව ටික වේලාවකට අත්හිටුවා අදට නියමිත ප්‍රධාන කරුණු පිළිබඳ සාකච්ඡා කළ යුතු බවට අද උදෑසන පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණා. ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සිහිපත් කළ අතර එහිදී කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතු ටික වේලාවකට අත්හිටුවීමට තීරණය කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories