සජින් ද වාස් යළි රිමාන්ඩ්

Wednesday, 03 June 2015 - 10:56

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධි සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන යලිත් වරක් මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද (03) පෙරවරුවේ ඉදිිරිපත් කළ අවස්ථාවේදී.

2011 වසරේ ඇති වූ රෝගී තත්ත්වයක් පිළිබඳව සඳහන් කරමින් සජින් වාස් මන්ත්‍රීවරයා තමාට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඊට අදාල වෛද්‍ය වාර්තා ද සැකකාර මන්ත්‍රීවරයාගේ නීතිඥයන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි තවදුරටත් සඳහන් වන්නේ 2013 වසරේ මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

එහෙත් විනිසුරුවරයා කියා සිටියේ මෙම රෝගී තත්ත්වයට තවදුරටත් ලබාගත් ප්‍රතිකාර සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර නොමැති අතර ඇප ලබා දීමට තරම් මෙම කරුණු සුවිශේෂී නොවන බවයි. ඒ අනුව ඇප ඉල්ලූම් පත ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා සැකකාර මන්ත්‍රීවරයා යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ජනාධිපති කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධි සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ පසුගිය 11 වැනිදායි. ජනාධිපති කාර්යාලයට අයත් වාහන 02ක් සජින් වාස් මන්ත්‍රීවරයා ඔහු උපදේශකත්වය දරණ පෞද්ගලික ආරක්ෂක සමාගමකට ලබා දී ඇති බවට තවත් වාහන දෙකක් පැහැය වෙනස් කර භාවිතා කර ඇති බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නඩු වාරයකදී අධිකරණයට දැනුම් දුන්නා. එසේම එක් වාහනයක් අතුරුදන් වී ඇති බවද ඔවුන් එහිදී අනාවරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories