අගමැතිට එරෙහි විශ්වාසභංගයට, නිදහස් පක්ෂ ඇමතිවරු අත්සන් කර නැහැ

Wednesday, 03 June 2015 - 12:59

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විපක්ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව සඳහා ආණ්ඩුවේ අමාත්‍ය ධුර හොබවන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර නොමැති බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. කෙසේ වෙතත්, නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර හොබවන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බවයි. අනෙකුත් අත්සන් ලැබීමෙන් පසු මෙම සතියේදී එය කථානායකවරයා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ද ටී.බී. ඒකනායක මන්ත්‍රීවරයා සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා එරෙහි විශ්වාසභංග යෝජනාවට මෙන්ම, මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාවට ද තමන් අත්සන් නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ ද කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories