5 වසර සිසුවෙකු අපයෝජන කළ ප්‍රසිද්ධ පාසලක නි.විදුහල්පති අත්අඩංගුවට

Wednesday, 03 June 2015 - 13:37

5+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92.%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. වීරකැටිය පොලිසිය සඳහන් කළේ මේ වනවිට ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි. මීට අදාළ පැමිණිල්ල ලැබී තිබුණේ ජාතික ළමා රක්ෂක අධිකාරිය වෙතයි. පහේ ශිෂ්‍යත්ව උපකාරක පන්තියක් පවත්වාගෙන යන සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා හම්බන්තොට - වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 5 වන ශ්‍රේණියේ පිරිමි දරුවෙකු අපයෝජනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories