ව්‍යවස්ථාදායක සභාව ගැන තීරණයක් නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබේ

Wednesday, 03 June 2015 - 13:45

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%9A
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන නියෝජිතයින් සම්බන්ධයෙන් තීරණයක් නොගෙන ලබන 9 වන දා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක චමල් රාජපක්ෂට අද (03) සිදුවුණා.

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන නියෝජිතයන් අනුමත කර ගැනීම සඳහායි අද පාර්ලිමේන්තුව රැස්වුණේ. කෙසේ වෙතත්, අවස්ථා දෙකකදී පක්ෂ නායකයින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට රැස්වුවත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. මේ අනුවයි අද පස්වරු 1ට පමණ සභාව යළි රැස්වීමෙන් අනතුරුව සභා වාරය ලබන 9 වන දා දක්වා කල් තැබුණේ.


Update : Wednesday, 03 June 2015 - 18:58
---------------------------------------------------

පාර්ලිමේන්තුව කල් තබයි

පාර්ලිමේන්තුව ජුනි 9 වන අඟහරුවාදා පස්වරු 1 දක්වා කල් තැබීමට කථානායක චමල් රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර තීරණය කළා. ඒ අදට නියමිතව තිබූ ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ ප්‍රධාන කරුණු මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කිරීමත් සමඟයි. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සහ තමන් මේ පිළිබඳ සාකච්ඡා කර එකඟත්වයකට පැමිණි බව අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන නියෝජිතයන් අනුමත කර ගැනීම සඳහායි අද පාර්ලිමේන්තුව රැස්වුණේ. සභාවාරයට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වයකට පැමිණ තිබුණේ පාර්ලිමේන්තුවේ  ස්ථාවර නියෝග යටතේ අසනු ලබන ප්‍රශ්න වලින් පසු නැවත පක්ෂ නායකයන් රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමටයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එම තීරණය සිහිපත් කළ අතර එහිදී කථානායකවරයා පාර්ලිමේන්තු කටයුතු ටික වේලාවකට අත්හිටුවීමට තීරණය කළා.

කෙසේ වෙතත්, එහිදී යම් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති අතර දිවා ආහාරයෙන් පසු යළි පක්ෂ නායකයින් රැස්වීමට තීරණය කළ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර කියා සිටියා. එහෙත්, පස්වරු 1 ට යළි පාර්ලිමේන්තුව රැස්වූ අතර, එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මීළඟ පාර්ලිමේන්තු දිනයේ දී ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන නියෝජිතයන් පිළිබඳ එකඟත්වයකට පැමිණීමට තීරණය කළ බවයි. මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී තවත් ටික වේලාවකින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories