Update: පක්ෂ මූලස්ථානයේ ‘අමුතු පොත’ මහලේකම් දන්නෙත් නැහැ

Wednesday, 03 June 2015 - 19:18

Update%3A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A++%E2%80%98%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E2%80%99++%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍යවේදීන්ට බෙදා දුන් පොත සම්බන්ධයෙන් තමන් ද කිසිවක් නොදන්නා බව  පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.

 ‘‘මේ ගැනත් සිතන්න. පක්ෂය රැක ගන්න.’’ යන මැයෙන් වන පොතක්, නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ මාධ්‍යවේදීන්ට බෙදා දී තිබුණා. ඒ ඊයේ (03) එහි පැවති මාධ්‍ය හමුවට පැමිණෙමින් සිටියදීයි. එම පොතේ දැක්වුණේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් බවයි.

එහි දැක්වෙන පරිදි පසුගිය ජනාධිපතිවරණයෙන් පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ධුරයට පත් කිරීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගෙන් කඩිනම් ඉල්ලා අස්වීමේ ලිපියක් ද ලබා ගෙන තිබෙනවා. එහෙත් පසුව, හිටපු ජනාධිපතිවරයා ඊට එරෙහි වූ බව එහි සඳහන්. කෙසේ වෙතත්, පසුගිය සමයේ එකම පවුලක් රට පාලනය කිරීම ආදී චෝදනාවන් ද එහි දැක්වෙනවා.

අදාළ පොත පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේමජයන්ගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. එහිදී මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමින් මන්ත්‍රීවරයා අදාළ පොත පක්ෂයේ නිල ප්‍රකාශනයක් ලෙස වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළා.
Update : Thursday, 04 June 2015 - 08:15
---------------------------------------------------
නිදහස් පක්ෂ මූලස්ථානයෙන් කැළෑ පත්තරයක්

‘‘මේ ගැනත් සිතන්න. පක්ෂය රැක ගන්න.’’ මැයෙන් වන පොතක්,  නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද (03) මාධ්‍යවේදීන්ට බෙදා දී තිබුණා. ඒ අද පෙරවරුවේ එහි පැවති මාධ්‍ය හමුවට පැමිණෙමින් සිටියදීයි. එම පොතේ දැක්වුණේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයක් බවයි.

එහි දැක්වෙන පරිදි පසුගිය ජනාධිපතිවරණයෙන් පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ධුරයට පත් කිරීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගෙන් කඩිනම් ඉල්ලා අස්වීමේ ලිපියක් ද ලබා ගෙන තිබෙනවා. එහෙත් පසුව, හිටපු ජනාධිපතිවරයා ඊට එරෙහි වූ බව එහි සඳහන්. කෙසේ වෙතත්, පසුගිය සමයේ එකම පවුලක් රට පාලනය කිරීම ආදී චෝදනාවන් ද එහි දැක්වෙනවා.

මෙම පොත පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේදී නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී  සුසිල් ප්‍රේමජයන්ගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. එහිදී මාධ්‍යවේදීන් පුදුමයට පත් කරමින් මන්ත්‍රීවරයා අදාළ පොත පක්ෂයේ නිල ප්‍රකාශනයක් ලෙස වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මාධ්‍යවේදීන් තවත් පුදුමයට පත්වූයේ පක්ෂ මූලස්ථානයේදී බෙදා හැරි මෙම පොත මන්ත්‍රීවරයා කැළෑ පත්‍රයක් ලෙස හැදින්වීම හේතුවෙන්.

මෙම මාධ්‍ය හමුවට නිදහස් පක්ෂයේ මාධ්‍ය කමිටුවේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  තිලංග සුමතිපාල ද එක්ව සිටියා. එහිදී මාධ්‍යවේදීන් මෙම පොත පිළිබඳව ඔහුගෙන් ද කරුණු විමසූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂය විසින් මුද්‍රණය කළ මෙම පොත පක්ෂ මහලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර තිබූ බවයි. මේ පිළිබදව පක්ෂයේ ජාතික සංවිධායකවරයා නොදන්නා බව ද ඔහු සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories