Update: අහංගම "හෙලි කැම්" යානයේ හිමිකරු හඳුනා ගනියි

Thursday, 04 June 2015 - 8:15

Update%3A++%E0%B6%85%E0%B7%84%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%22%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%22+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ගාල්ල - අහංගම - නාකන්ද ප්‍රදේශයට කඩා වැටුණු ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා උපයෝගී කර ගන්නා සැහැල්ලූ යානයේ හිමිකරු හඳුනාගෙන තිබෙනවා. අහංගම පොලීසිය සදහන් කළේ එම පුද්ගලයා අද (04) උදෑසන පොලීසිය වෙත පැමිණ යානය තමාගේ බවට පිළිගෙන ඇති බවයි. මෙම සැහැල්ලූ යානය විදේශ රටකින් ගෙන්වා ඇති බවට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කුඩා සැහැල්ලූ ගුවන් යානයක් අහංගම නාකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට කඩා වැටුණේ ඊයේ පස්වරුවේයි. අදාළ සැහැල්ලූ යානයෙන් ලබා ගත් දර්ශන පිළිබඳව පරීක්ෂණ සිදුකිරීම සඳහා එම යානය කොළඹ පොලිස් මූලස්ථානය වෙත යොමු කර තිබෙනවා.



Update : Thursday, 04 June 2015 - 12:33
-----------------------------------------

ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කුඩා සැහැල්ලූ යානයක් අහංගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකට කඩා වැටී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ පස්වරුවේ කුඩා ගුවන් යානය කඩා වැටී ඇති බවයි. මේ වන විට එය අහංගම පොලීසියේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, එය ගුවන්ගත කළේ කවුරුන්ද යන්න පිළිබදව සහ එහි ඇතුළත් වීඩියෝ දර්ශන පිළිබදව විමර්ශනයක් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.












(ඡායාරූප- රොෂාන් පියතිලක)


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories