නයිජීරියාවේදී පැහැරගත් කරුණාදාස මව්බිමට

Thursday, 04 June 2015 - 14:42

%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
නයිජිරියාවේදී සන්නද්ධ කණ්ඩායමක් පැහැරගෙන ගොස් පසුව නිදහස් කළ ශ්‍රී ලාංකික ඉංජිනේරු ඞී.ඒ. කරුණාදාස අද (04) දිවයිනට පැමිණියා. නයිජීරියාවේ ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදී සන්නද්ධ කණ්ඩායමක් මොහු පැහැර ගත්තේ පසුගිය මැයි මස 19 වනදායි. එහිදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීයාද ජීවිතක්ෂයට පත්වුුණේ එම සන්නද්ධ කණ්ඩායම සිදුකළ වෙඩි තැබීමෙන්. පසුව ඔහුව මුදා ගැනීම සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මෙම ඉංජිනේරුවරයා රැකියාව කළ අදාළ ආයතනය එක්ව කටයුතු යොදා තිබුණා.

අද (04) පස්වරු 1.30 ට පමණ දිවයිනට පැමිණි ඔහු පිළිගැනීම සඳහා පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ සිටියා. එම අවස්ථාවේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඩී.ඒ.කරුණාදාස තමන් මුහුණදුන් අත්දැකීම විස්තර කරමින් කියා සිටියේ පස් දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායමක් තමන් ගමන්ගත් රථය කැලෑබද ප්‍රදේශයකදී නවතා ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීයාට වෙඩි තබා ඝාතනය කර රියදුරාටද වෙඩි තැබූ බවයි. පසුව තමන්ව කැලෑවට රැගෙන ගොස් දින 10 කට ආසන්න කාලයක් ඔවුන් භාරයේ රඳවාගෙන සිටි බවයි. එහිදී ජීවිතය පිළිබඳ අවදානමක් ඇතිවුවද, තමන්ව ආයතනය මගින් කෙසේ හෝ බේරාගනු ඇති බවට විශ්වාසයක් පැවති බවද ඔහු තවදුරටත් සඳහන් කළා.

සන්නද්ධ කණ්ඩායමේ ග්‍රහණයෙන් මුදා හැරීමට කිසියම් කප්පම් මුදලක් ලබාදීමට සිදුවූයේ දැයි අප ඔහුගෙන් විමසා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ ඞී.ඒ.කරුණාදාස කියා සිටියේ එවැනි මුදලක් තමන් රැකියාව කළ සමාගම කප්පම්කරුවන්ට ලබාදුන්නේද නැද්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි. මෙවැනි පැහැර ගැනීම් සුලබව නයිජීරියාවේ සිදුවන නිසා බොහෝ විට එවැනි කප්පම් මුදලක් සමාගම විසින් තමන්ව බේරා ගැනීමට ගෙවන්නට ඇති බවට සැක කළ හැකි බවද ඔහු සඳහන් කළා.

මෙම සිදුවීම පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රචාරය කරමින් මෙහිදී මාධ්‍ය ආයතනයක් ලෙස හිරු සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ බවද ඞී.ඒ.කරුණාදාස වැඩිදුරටත් සඳහන් කළා. ඒ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ ස්තූතිය පුදකරන බවද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories