ඇමති ඩි.වී උපුල් රට ගිහින් ඉවරයි

Thursday, 04 June 2015 - 16:32

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%92.%E0%B7%80%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී උපුල්ගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝගයක් නිකුත් කළා. අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මෙම නියෝගය නිකුත් කළේ පළාත් අමාත්‍යවරයා පසුගියදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳ සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි.

මෙම ප්‍රකාශය පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එමඟින් ඔහු දක්වා තිබුණේ ඞී.වී.උපුල් අපරාධවලට සම්බන්ධ වූවෙකු සහ පාතාල සාමාජිකයින් සමීපව ඇසුරු කරන්නෙකු බවයි. අද අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම පැමිණිල්ල පිළිබඳ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් ආරම්භ කළ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී. උපුල්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිළිබඳ මෙම තර්ජනාත්මක අදහස් පළ කර තිබුණේ පසුගියදා තිස්සමහාරාමයේ පැවැති රැස්වීමකදීයි. අනතුරුව එම ප්‍රකාශය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පළාත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ අතර, ඔහු කියා සිටියේ තමන්ගේ ප්‍රකාශය විකෘති කර ප්‍රචාරය වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සිදුකළේ කුමන ප්‍රදේශයකද යන්න මෙතෙක් නිශ්චිතව කරුණු තහවුරු වී නොමැති බව රහස් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව දකුණු පළාත් ධීවර අමාත්‍ය ඞී.වී.උපුල් කළ මෙම ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන ඉදිරිපත් කරන ලෙසයි පුවත්පත්වලට සහ විද්‍යුත් මාධ්‍ය කිහිපයකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories