බෙදුම්වාදී ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සෙබලූන් 18 දෙනෙකු මරුට

Friday, 05 June 2015 - 11:02

%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ - මනිපූර් ප්‍රාන්තයේ බෙදුම්වාදී සන්නද්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සෙබලූන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් සෙබලූන් 11 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. මෑත කාලයේදී ඉන්දීය හමුදාව මුහුණ දුන් දරුණුතම හානිය මෙයයි. සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතික ආරක්ෂක මණ්ඩලය සාකච්ඡාවක් පවත්වා ඇති අතර ප්‍රහාරකයන් වෙනත් රටකට පලායාම වැළැක්වීම සඳහා මනිපූර් ප්‍රාන්තය සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශය ද වසා දමා ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories