කුරුණෑගල නගරාධිපතිවරයාගේ නිවසට මැර ප්‍රහාරයක්

Friday, 05 June 2015 - 11:07

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කුරුණෑගල නගරාධිපති අනුරාධ ගාමිණී පෙරමුණගේ කුරුණෑගල - ගැටුවාන ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (04) රාත්‍රියේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. නගරාධිපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් මෙලෙස පහරදී තම නිවසේ දොර ජනෙල්වලට  සහ මෝටර් රථයට ද පහරදී හානි සිදුකර ඇති බවයි. ළමා අපචාරවලට සහ ගණික ජාවාරමට සම්බන්ධ පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බව ද නගරාධිපතිවරයා සඳහන් කළා. කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ ඊට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories