CIA විල්පත්තු හෙළිදරව්ව ඵල දරයි. දේශපාලකයන්ට කැලෑ වැනසීමට ඉඩ නෑ - ජනපති

Friday, 05 June 2015 - 19:01

CIA+%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%B5%E0%B6%BD+%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
දේශපාලනඥයින්ට සහ ජාවාරම්කරුවන්ට වනාන්තර විනාශකිරීමට මින් ඉදිරියට ඉඩ නොලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ පරිසරය විනාශ කරන්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි. විල්පත්තුවේ සිදුව ඇති වන විනාශයද තමන් ගුවනේ සිට නිරීක්ෂණය කළ බව ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළා. ඒ, මැදිරිගිරිය - වටදාගෙය පරිශ්‍රයේ අද (05) පැවති 2015 ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින්.

මේ අතර ජාතික සංඝ සම්මේලනය සහ පරිසර සංවිධාන එක්ව සකස් කළ විල්පත්තු වනාන්තර පද්ධතියේ වන සංහාරය පිළිබඳව විශ්ලේෂන වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබුවා. මුල්වරට විල්පත්තු වනාන්තර පද්ධතියේ සිදුවන වන සංහාරය පිළිබඳව අනාවරණය කෙරුණේ හිරු සී.අයි.ඒ. මගින්. ඉන් අනතුරුව මේ පිළිබඳව සමාජයේ දැඩි කථාබහක් මතුවූ අතර, ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේලා ද පසුව විල්පත්තුවට ගොස් එහි සිදුව ඇති වන විනාශය පිළිබඳව විශ්ලේෂණයක් සිදුකළා. ඉන් අනතුරුවයි ජාතික සංඝ සම්මේලනය අදාළ වාර්තාව සකස් කළේ.

විල්පත්තු ආශ්‍රීතව විනාශ කර ඇති වන ගහණය, විල්පත්තුව ආශ්‍රීත ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඇතුලූ ප්‍රධාන කරුණු 16 ක් අදාළ වාර්තා මගින් පෙන්වාදී තිබෙනවා.  
සිංහලේ ජාතික පෙරමුණේ සාමාජිකයින්ද ඊයේ විල්පත්තුවට ගියේ හිරු අනාවරණ කළ විල්පත්තුව ආශ්‍රීත ප්‍රදේශයේ සිදුව ඇති වන විනාශය පිළිබඳව සොයා බැලීමටයි. අනතුරුව ඔවුන් අද නුගේගොඩදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. එහිදි අදහස් දැක්වූ සිංහල ජාතික පෙරමුණේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ප්‍රකාශ කළේ මීට පෙර මේ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් එවැන්නක් සිදුවී නොමැති බවට උන්වහන්සේ චෝදනා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories