"පළමුව සමඟිය" - අස්ගිරි මහ නාහිමි

Sunday, 07 June 2015 - 8:50

%22%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%22+-+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92
අන්තර් ආගමික සාම පදනමේ සාමාජිකයින් ඊයේ (06) අස්ගිරි මහනාහිමියන් බැහැදුටුවා. එහිදී ඔවුන් අස්ගිරි මහනාහිමියන් සමඟ සාකච්ඡාවකද නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් ආගමික සාම පදනමේ සම සභාපති වික්‍රමසිංහ තිලකරත්න පියතුමන් කියා සිටියේ අස්ගිරි මහනාහිමියන් මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරන හිමිනමක් බවයි. මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි මහ නාහිමියන් සඳහන් කළේ රට සමෘද්ධිමත් කිරීමට සියලූ පාර්ශව සමඟියෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories