විස්ස ගැන අවසන් තීන්දුවක් ගැනීමට විශේෂ කැබිනට් රැස්වීමක් අද

Monday, 08 June 2015 - 7:51

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. එය පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති බවයි රජයේ අමාත්‍යවරයෙකු සදහන් කළේ. දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවසන් අනුමැතිය ලබා ගැනීම මෙම විශේෂ කැබිනට් රැස්වීමේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය මැයි මස 13 වැනිදායි. එහිදී දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව ඇති යෝජනා සැලකිල්ලට ගෙන අවසන් වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍යවරුන් 9 දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් ද පත් කරනු ලැබුවා. කෙසේ වෙතත්, අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමේදී 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනුමැතිය හිමිවුවහොත් එය ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories