හිටපු ජනපතිගේ කැබිනට් පත්‍රිකාවකින් වසරකට රුපියල් මිලියන 2000ක පාඩුවක්

Tuesday, 09 June 2015 - 19:39

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+2000%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හම්බන්තොට වරාය ඉදිකිරීමට පවත්නා පොළියට වඩා ඉහළ පොළී අනුපාතිකයකින් විදේශ ණය ලබා ගැනීම නිසා වසරකට රුපියල් බිලියන 02 ක පාඩුවක් විඳීමට සිදුව ඇතැයි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී අද (09) අනාවරණ කළා. 2007 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 307 ක ණයක් ලබාගෙන ඇති අතර, ඊට වසර 15 ක් යනතුරු 6.3% ක පොළියක් ස්ථාවරව ගෙවිය යුතු යැයි හිටපු මුදල් අමාත්‍යවරයාද වූ හිටපු ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ නිසා අද දවසේ අදාළ පොළී අනුපාතිකය 0.4% ට පහත වැටී ඇතත්, 6.3% ක පොළියක් අඛණ්ඩව ගෙවීමට සිදුවීමෙන් අධික පාඩුවක් සිදුවී ඇති බවයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ.

මේ අතර, පසුගිය පාලන සමයේ රාජ්‍ය බැංකු 3 කින් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 96 474 ක ණයක් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ලබාගෙන ඇති බවද අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories