ව්‍යවස්ථාදායක සභාවට පෙර පක්ෂ නායකයන් අතර එකඟතා

Tuesday, 09 June 2015 - 20:13

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F
ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු පිළිබඳව පක්ෂ නායකයන් අතර ඇතිකරගන්නා එකඟතා සම්බන්ධයෙන් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා. අදාළ කෙටුම්පතට අනුව පාර්ලිමේන්තුවේදි ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමටයි කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ. එසේම මින් ඉදිරියට ව්‍යවස්ථාදායක සභාව සඳහා අමාත්‍යවරුන් පත් නොකර මන්ත්‍රීවරුන් පත් කිරීමටද එහිදී තීරණය කළ බව නිදහස් පක්ෂය වෙනුවෙන් පක්ෂ නායක රැස්වීමට එක්වූ හිටපු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

පසුගිය 3 වනදා ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන සිවිල් නියෝජිතයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුව රැස්වූවත්, ඒ පිළිබඳ තීරණයකින් තොරව පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා. ඊට  හේතුව පූර්ව සාකච්ඡාවකින් සහ අදාළ සිවිල් නියෝජිතයින් දැනුවත් කිරීමකින් තොරව එම නම් යෝජනා කර ඇති බවට විපක්ෂය ප්‍රකාශ කිරීම හේතුවෙන්. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කර ගැනෙන නියෝජිතයන් ලෙස විශ්‍රාමලත් විනිශ්චයකාර ඒ.ඩබ්ලිව්.ඒ.සලාම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ආචාර්ය ඒ.ටී.ආරියරත්නගේ නම් යෝජනා වී තිබුණා. එදින දෙවරක් පක්ෂ නායකයන් රැස්වූවත් එකඟත්වයක් ඇති කරගැනීමට නොහැකිවීම හේතුවෙනුයි අදත් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories