ව්‍යවස්ථාදායක සභාවට නම් කර ඇති සිවිල් සාමාජිකයන්ගේ නම් අද (10) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සදහන් කළේ ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වී ඇති මහජන නියෝජිතයන්ට සහ සිවිල් සාමාජිකයන්ට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී අනුමැතිය හිමි වූ බවයි. මීට පෙර ව්‍යවස්ථාදායක සභාව සදහා නම් කෙරුණු මහජන නියෝජිතයන්ට විපක්ෂයෙන් විරෝධතා එල්ල වුණේ ඊට ඇමතිවරුන්ගේ නම් ඇතුළත් කර ඇති බව පවසමින්. කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායක සභාවට යෝජනා වී ඇති ඇමතිවරුන්ගේ නම් මෙම පාර්ලිමේන්තුව සදහා පමණක් වලංගු වන පරිදි අනුමත කිරීමට පක්ෂ නායකයින් ඊයේ එකඟතාවය පළ කර තිබෙනවා.
පසුගිය 3 වනදා ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන සිවිල් නියෝජිතයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුව රැස්වූවත්, ඒ පිළිබඳ තීරණයකින් තොරව පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා. ඊට හේතුව පූර්ව සාකච්ඡාවකින් සහ අදාළ සිවිල් නියෝජිතයින් දැනුවත් කිරීමකින් තොරව එම නම් යෝජනා කර ඇති බවට විපක්ෂය ප්‍රකාශ කිරීම හේතුවෙන්. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කර ගැනෙන නියෝජිතයන් ලෙස විශ්‍රාමලත් විනිශ්චයකාර ඒ.ඩබ්ලිව්.ඒ.සලාම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ ආචාර්ය ඒ.ටී.ආරියරත්නගේ නම් යෝජනා වී තිබුණා.
මේ අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකෙරෙන හදවත් සැත්කම් මේ වන විට අඩාල වී ඇති බව ඊයේ පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වුණා.

Follow US
Most Viewed Stories