ව්‍යවස්ථාදායක සභාව පත්වීම තවත් කල් යයි

Wednesday, 10 June 2015 - 16:12

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ කැබිනට් රැස්වීමේදී සාකච්ඡාකර එහි තීරණ පක්ෂ නායකයන්ට දැනුම්දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන නියෝජිතයන් තුන්දෙනාට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම්වූ අවස්ථාවේදී විපක්ෂ මන්ත්‍රීවරුන් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසයි.

ව්‍යවස්ථාදායක සභාවට ඇමතිවරුන් පත් කිරීම සිදු නොකළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පෙන්වා දුන්නා. එහෙත් ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදීද අවසන් එකඟතාවක් ඇති නොවුණු බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ. එහිදී මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කර තීරණයක් ප්‍රකාශයට පත් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඊට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟත්වය හිමිවූ අතර, ඒ අනුවයි ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර එහි තීරණය පක්ෂ නායකයන්ට දැනුම්දෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.  

ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පිහිටුවන ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සාමාජිකයන් පත් කිරීම තවත් කල් යනු ඇති.

ව්‍යවස්ථාදායක සභාව සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ සිවිල් සමාජයේ පුද්ගලයන් 3 දෙනෙකු ඇතුළත්. කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරනවා.

මේ වනවිට අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ නම් කර ඇති අතර විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස නම් කර ඇත්තේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්නයි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක ව්‍යවස්ථාදායක සභාවට නම් කර තිබෙනවා.

සුළු පක්ෂ නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්.සම්බන්ධන්.

සිවිල් නියෝජිතයින් ලෙස ආචාර්ය රාධිකා කුමාරස්වාමි, සර්වෝදය ව්‍යාපාරයේ නායක ආචාර්ය ඒ.ටී ආරියරත්න, හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒ.ඩබ්ලිව්.ඒ සලාම් මේ වනවිට නම් කර තිබෙනවා.  ඔවුන් තුන්දෙනා සම්බන්ධයෙන් අනුමැතිය ලබාගැනීමයි අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබුණේ.

මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ද අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories