තවත් නියෝජ්‍ය ඇමතිකම් 4ක්

Wednesday, 10 June 2015 - 17:01

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+4%E0%B6%9A%E0%B7%8A
නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ අද (10) දිවුරුම් දුන්නා. ඒ අනුව
මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ විජය දහනායකයි.
එරික් ප්‍රසන්න වීරවර්ධන වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර,
සනත් ජයසූරිය දිවුරුම් දුන්නේ පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා  ලෙසයි.
එමෙන්ම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තිලංග සුමතිපාල දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම නව දිවුරුම් දීමත් සමග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ යනවා. 
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුලූව වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 40 ක් වන අතර රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 14 ක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories