Update: ඇප ලබාදුන් ළමා අපයෝජන සැකකරුවෙකු යළි අත්අඩංගුවට

Thursday, 11 June 2015 - 8:22

Update%3A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අගුණකොලපැලැස්ස උණුසුම් කළ සැකකරු නැවත පොලීසිය අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අගුණකොලපැලැස්ස පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් සැකකරු යළි අත්අඩංගුවට ගත් බවයි.  

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය ඇප මත මුදාහැරීමට කටයුතු කිරීමත් සමඟ අගුණකොලපැලැස්ස ප්‍රදේශවාසීන් පොලීසිය ඉදිරිපිට ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරතවුණා. අප වාර්තාකරු සඳහන් කළේ විරෝධතාවට ප්‍රදේශවාසීන් 200 ක් පමණ සහභාගි වූ බවයි. මේ හේතුවෙන් අගුණකොලපැලැස්ස - රන්න මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා.
 Update : Thursday, 11 June 2015 - 13:53
--------------------------------------------------
ළමා අපයෝජනයකට අගුණකොලපැලැස්ස උණුසුම් වෙයි

ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඇප මත මුදාහැරීමට විරෝධය පළ කරමින් අගුණකොලපැලැස්ස ප්‍රදේශවාසීන් ඊයේ (10) රාත්‍රියේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. අප වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් අගුණකොලපැලැස්ස - රන්න මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ලවූ බවයි. විරෝධතාවට ප්‍රදේශවාසීන් 200 ක් පමණ එක්ව තිබෙනවා.

අපයෝජනයට ලක්වී ඇත්තේ අවුරුදු 12 ක් පමණ වූ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ පාසල් දැරියක්. ඇය පසුගිය වසරේදී අවස්ථා කිහිපයකදී අදාළ සැකකරු අතින් අතවරයට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙම කරුණ අනාවරණ වීමත් සමග පෙරේදා දිනයේදී අගුණකොලපැලැස්ස පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව සැකකරු අගුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු ඇප මත මුදාහැරීමට ගත් තීන්දුවට විරෝධය පළ කරමිනුයි ඊයේ (10) රාත්‍රියේ අගුණකොලපැලැස්ස පොලීසිය ඉදිරිපිට ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories